Friday, June 16, 2023

Peter Jennings


මාධ්‍ය ලොව සුප්‍රසිද්ධ චරිත සොයා යන මේ ගමන අද නවතින්නේ ඇමරිකානු රූපවාහිනියේ වඩාත් හුරුපුරුදු මුහුණ අසල.ඔහු පීටර් චාර්ල්ස් ජෙනිංග්ස්. 1938 වර්ෂයේ ජූලි 29 දින කැනඩාවේ උපත ලැබුවා. පීටර්ගේ පියා ගුවන්විදුලි විකාශකයෙකු සහ කැනේඩියානු විකාශන සංස්ථාවේ (CBC) උප සභාපති, චාර්ල්ස් ජෙනින්ග්ස්. කුඩා පීටර් වයස අවුරුදු නවයේදී පියාගේ අඩිපාරේ යමින් Peter's people  නම් සතිපතා ළමා ගුවන්විදුලි වැඩසටහන මෙහෙයවන ලදී.වයස අවුරුදු 11දී පීටර් Trinity collage school ඇතුළත් වූ අතර ඔහුගේ පියාගේ රැකියාවේ කිසියම් වෙනසක් නිසා ලිස්ගාර් කොලෙජ් සඳහා මාරු විය. දහවන ශ්‍රේණියේදි ඉන් ඉවත් වූ ඔහු කාල්ටන් විශ්ව විද්‍යාලය, ඔටාවා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ නමුත් උපාධිය අසාර්ථක වී ඇත.

1959 වසරේ පීටර්, බ්‍රොක්විල් හි කැනඩාවේ Royal Bank හි ටේලර්වරයෙකු ලෙස සේවය කරන අතරතුර ප්‍රාදේශීය ගුවන් විදුලි නාලිකාවක් වන CFJR විසින් නව ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු ලෙස බඳවා ගන්නා ලදී. 1961 මාර්තු මාසයේ රාත්‍රී ප්‍රවෘත්ති සම නිෂ්පාදනය සඳහා ඔටාවා හි නව රූපවාහිනී මධ්‍යස්ථානයක් වන CJOH-TV සම්බන්ධ විය.1962 වසරේ පීටර්, රාත්‍රී ප්‍රවෘත්තිවල සම නිවේදකයෙකු ලෙස ජාතියේ පළමු පුද්ගලික රූපවාහිනී ජාලය වන CTV සහ සම්බන්ධ විය.1964 වසරේ ABC නිව්යෝර්ක් ප්‍රවෘත්ති කාර්යාංශයට සම්බන්ධ විය. 1965 පෙබරවාරි 01 වන දින පීටර්ව විනාඩි 15ක රාත්‍රී ප්‍රවෘත්ති විකාශය වන Peter jennings with news හි නිවේදකයා බවට පත්කර මින්  26 හැවිරිදි පීටර් ඇමෙරිකානු ජාලයක ලාබාලතම ප්‍රවෘත්ති නිවේදකයා බවටද පත්කළේය.අත්දැකීම් වල අඩු බව නිසාවෙන් ඉතා දුෂ්කර කාලයක් ගත කළ ගත කළ පිටර් 1968 දී ප්‍රවෘත්ති මේසයෙන් ඉවත් ව විදෙස් වාර්තාකරුවෙකු බවට පත් වූ අතර මැදපෙරදිග ඇමෙරිකානු රූපවාහිනියේ පළමු ප්‍රවෘත්ති කාර්යාංශය ද පිහිටුවන ලදී.

1970 ගණන්වල පලස්තීන විමුක්ති සංවිධානයේ සභාපති යසර් අර්ෆත් සමග සම්මුඛ සාකච්ඡාවක් කරමින් පලස්තීන Black american organisation හි නැගීම ආවරණය කළ පළමු ඇමරිකානු රූපවාහිනී මාධ්‍යවේදියා පීටර් ජෙනින්ග්ස් ය. මෙම 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ ප්‍රධාන ඇපකරුවන්ගේ අර්බුදය වැනි ප්‍රධාන සිදුවීම් ආවරණය  කරමින් ජෙනිංග්ස් ප්‍රසිද්ධියට පත් විය.1974 වසරේ ජනාධිපති අන්වර් සදාත්ගේ ජීවිකාව පිළිබඳ වැඩසටහන Sadat: Action Biography හි සම නිෂ්පාදකයා සහ ප්‍රධාන වාර්තාකරු විය.එමඟින් ඔහුගේ පළමු George Foster Peabody සම්මානය හිමිවිය. ජෙනින්ග්ස් ජාත්‍යන්තර මට්ටමේ සිදුවීම්  ගණනාවක් ආවරණය කිරීමට සමත් වීය. ඒ අතර, ඉරාන විප්ලවය සහ ඉන් පසුව ඇති වූ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධ අර්බුදය, සදාත්ගේ ඝාතනය , ෆෝක්ලන්ඩ් යුද්ධය, ඊශ්‍රායලය  ලෙබනනය ආක්‍රමණය සහ 1983 දෙවන ජෝන් පෝලන්තයට ගිය සංචාරය ආදිය වේ.

ABC ජාලය විසින් 1983 අගෝස්තු 9 වන දින පීටර්ව වොෂින්ටනයට කැඳවනු ලැබුවේ සිව් අවුරුදු කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කරමිනි.ඉන්පසු ඔහු නිව්යෝර්ක් සිට World News Tonight හි ⁣ ජ්‍යෙෂ්ඨ කතුවරයා සහ එකම නිවේදකයා ලෙස ක්‍රියාත්මක විය. වැඩසටහන තුළ විවිධ පැතිකඩයන් ගණනාවක් නිරූපණය කරමින් ජෙනින්ග්ස් වඩාත් හොඳින් දීර්ඝ කාලීනව සාර්ථකව ගමන් කළේය. World News Tonight ,ABC රූපවාහිනී සන්ධ්‍යා ප්‍රවෘත්ති විකාශයේ එකම නිවේදකයා ලෙස වසර 22 ක් ක්‍රියා කිරීමට ඔහු සමත් විය.  මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කළ පීටර් චාර්ල්ස් ජෙනින්ග්ස්  පෙනහළු පිළිකාවක් හේතුවෙන් 2005 අගෝස්තු 7 වන දින ජීවන ගමන නිමා කළේය. ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු George Foster Peabody Aword සහ  Emmy's සම්මාන 16ක් ලබා ගැනීමට සමත් විය. 2006 පෙබරවාරි 21 වන දින ABC ආයතනය පිහිටුවා ඇති කොටස නිව්යෝර්ක් නගරයේ නගරාධිපති මයිකල් බ්ලම්බර්ග් විසින් Peter jennings way ලෙස නම් කර ඇත.


6 comments:

Peter Jennings

මාධ්‍ය ලොව සුප්‍රසිද්ධ චරිත සොයා යන මේ ගමන අද නවතින්නේ ඇමරිකානු රූපවාහිනියේ වඩාත් හුරුපුරුදු මුහුණ අසල.ඔහු පීටර් චාර්ල්ස් ජෙනිංග්ස්. 1938 වර...