Sunday, June 11, 2023

Lester Holt


ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් සොයා යන මෙම ගමන සඳහා පැමිණෙන්නේ ඇමරිකානු මාධ්‍යවේදී ලෙස්ටර් හෝල්ට් පිළිබඳවයි.
සතියේ දිනවල රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තනිවම ගෙන ආ ප්‍රථම කළු ජාතික මාධ්‍යවේදියා ලෙස්ටර් හෝල්ට් ය. 1959 මාර්තු මස 8 වන දින ලෙස්ටර් දොන් හෝල්ට් ජූනියර් එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ හැමිල්ටන් ගුවන් හමුදා කඳවුරේදී උපත ලැබීය. එය ඔහුගේ ජාතිකත්වය ඇමරිකානු බවට පත් කරයි. අප්‍රිකානු-ඇමරිකානුවෙක් වන ලෙස්ටර් දොන් හොල්ට් ඔහුගේ පියා වූ අතර මව ජැමෙයිකාවේ උපත ලද ජුනි ඩෙරොසාරියෝ ය.හෝල්ට් දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ අතර ඔහු හැදී වැඩුනේ කැලිෆෝනියාවේ මැරීන් ප්‍රාන්තයේ ය. ඔහුගේ බිරිඳ ප්‍රවීණ මාධ්‍යවේදිනියක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් වන කැරොල් හේගන් වේ.1982 විවාහ දිවියට පැමිණ, ස්ටෙෆාන් සහ කැමරන් හෝල්ට් ලෙස දරුවන් දෙදෙනෙකු සිටී.ඉන් ස්ටෙෆාන් තම පියාගේ අඩි පාරේ ගිය අතර දැන් මාධ්‍යවේදියෙක් සහ රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදකයෙකි.

1977 දී , Rancho හි පිහිටි Cordova උසස් පාසලෙන් උපාධිය ලබා කැලිෆෝනියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයට සම්බන්ධ විය. 1979 ඉන් ඉවත් වීන් ප්‍රැන්සිස්කෝ ගුවන්විදුලි මධ්‍යස්ථානයක සේවය කළේය. වසර දෙකකට පසුව ඔහු නිව්යෝර්ක් නගරයේ WCBS-TV හි වාර්තාකරුවෙකු ලෙස ආරම්භ කරමින් CBS සමඟ වසර 19 ක වෘත්තීය ජීවිතයක් දියත් කරන ලදී. වසරකට පසුව ඔහු ලොස් ඇන්ජලීස් හි CBS අනුබද්ධ රූපවාහිනී නාලිකාව වන KNXT වෙත වාර්තාකරුවෙකු සහ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස සම්බන්ධ විය. 1986 දී හෝල්ට් චිකාගෝ හි CBS මධ්‍යස්ථානය වන WBBM-TV සඳහා සන්ධ්‍යා පුවත් ගෙන එන ලද අතර 2000 වසරේ MSNBC සහ සම්බන්ධ වන තුරුම CBS හි සේවය කරන ලදී. එමෙන්ම හෝල්ට් CBS ප්‍රවෘත්ති විකාශය වන, '48  Hours' සඳහා දායක වූ අතර  "48 Hours : No place like home" ඔහුගේ කාර්යය  සඳහා '1990 Robert F.Kennedy Journalism සම්මානය දිනා ගත්තේය.

MSNBC දිනපතා ප්‍රවෘත්ති විකාශයේ හෝල්ට් විසින් 'Lester holt live' ගෙන එන ලදී. එහිදී ඔහු උණුසුම් පුවත්, යාවත්කාලීන කිරීම්, විශ්ලේෂණ කිරීම් ලබා දේ. හෝල්ට් MSNBC හි දිවා පුවත් විකාශය සහ විශේෂ විකාශනයේ ප්‍රධාන වාර්තාකරු ලෙස සේවය කොට ඇත. එමෙන්ම හෝල්ට් 2002 ඔක්තෝම්බර් සිට 2003 මාර්තු දක්වා  ඉරාක යුද්ධය හා සබැඳි 'Countdown Iraq' හි පුවත් වාර්තාකරු විය.තවද, ලෝකය තුළ උද්ගත වන කාලීන අර්බුදයන් ස්වභාවික ආපදා හමුවේ එහි පුවත් වාර්තාකරණයටද සංචාරය කළ හෝලට් සිය වෘත්තීය දිවිය සාර්ථකව ගත කොට ඇත.

2011 වසරේ dateline සඳහා ප්‍රධාන පුවත් වාර්තාකරු ලෙසද NBS දිවා පුවත් විකාශන ආදී පුවත් විකාශන ගනණාවකට සිය දායකත්වය සපයන ලද හෝල්ට් සම්මාන රසකටද පත්‍ර වීය. ඒ හරහා ඔහු ප්‍රසිද්ධියට පත් විය.එසේම 2016 වසරේ ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින්ගේ විවාදය සහ පළමු ජනාධිපති විවාදය ලෙස්ටර් විසින් මෙහෙයවීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් විය. රූපවාහිනී කතාමාලා කිහිපයකට සහ චිත්‍රපට කිහිපයකට ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස, රංගන ක්ෂේත්‍රයට පිවිසීමට ද ඔහු සමත් විය.ලෙස්ටර් හෝල්ට් ගෞරවනීය මාධ්‍යවේදියෙකි.ලොව මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ සහ දක්ෂතම මාධ්‍යවේදීන් අතර ලෙස්ටර් හෝල්ට් සිටීම අවිවාදිත ය.


17 comments:

Peter Jennings

මාධ්‍ය ලොව සුප්‍රසිද්ධ චරිත සොයා යන මේ ගමන අද නවතින්නේ ඇමරිකානු රූපවාහිනියේ වඩාත් හුරුපුරුදු මුහුණ අසල.ඔහු පීටර් චාර්ල්ස් ජෙනිංග්ස්. 1938 වර...