Friday, June 2, 2023

LARRY KING


වර්ෂ 1933 නොවැම්බර් මස 19 වන දින උපත ලද ලෝරන්ස් හාවි සීගර් හෙවත් ලැරී කිං හැදී වැඩුණේ නිව්යෝර්ක් නගරයේ බෘක්ලින්හි ය.
ඔහුගේ මව ජෙනී සීගර් ඇත්තලුම් සේවිකාවක් වූ අතර, ඔහුගේ පියා ඇරොන් සීගර් ආපනශාලා හිමිකරු සහ ආරක්ෂක කම්හල් සේවකයෙකු විය.කුඩා කිංට වයස අවුරුදු නවයේදී සීගර් මහතා හෘදයාබාධයකින් මිය ගියේය.ලෆායෙට් උසස් පාසලේ උපාධිය ලබා, ගුවන්විදුලියට බැදීමේ සිහිනයට පිවිසීමට වසර කිහිපයකට පෙර එහි රැකියාවක නිරත වෙමින් එහි රැඳී  සිටියේ සිය වැන්දඹු මවට උපකාර කිරීමට ය. වයස අවුරුදු විසිගනන්වල මුල් භාගයේදී නිව්යෝර්ක් සිට ෆ්ලොරිඩාවට ගිය කිංහට 1957දී මියාමි බීච් හි WAHR ගුවන්විදුලිය සේවකයෙකු ලෙස බැඳීමට අවස්ථාව හිමිවිණි.කල්යත්ම කළමණාකරු, කිං ව තැටි ජෝකියෙකු ලෙස සේවයට පත්කළේ සතිපතා ඩොලර් 50 ක වැටුපක් ද ලබාදෙමිනි. ලැරී කිං මියාමි බීච් හි පොම්පර්නික් අවන්හලේදී සම්මුඛ සාකච්ඡා පැවැත්වීය. එමෙන්ම එහි ඇතුළු වූ සෑම අයෙකු සමඟ ම කතා කළේය.ගායක බොබී ඩැරන් සමඟ ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාව වූ අතර එය කිං, මියාමි බීච් පුරා ප්‍රසිද්ධ චරිතයක් බවට පත් කළේය.

1978 දී THE LARRY KING SHOW ආරම්භ කරන ලදී. සම්මුඛ පරීක්ෂණ ස්වරූපයෙන් දිවෙන මෙය ආගන්තුකයා සමඟ පැයක සැසියක් ඇතුළත් වූ අතර තවත් පැයකින් අමුත්තන්ගෙන් ප්‍රශ්න ඇසීමට මිනිසුන් කැඳවන ලදී. 1985 වසරේ ලැරී කිං CNN සමඟ එක්ව LARRY KING LIVE සඳහා වැඩ අරඹන ලදී.  කීර්තිමත් පුද්ගලයින් සහ දේශපාලනඥයින් සමඟ එහි සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති අතර පෙරටත් ​​වඩා ප්‍රෙක්ෂක ආකර්ශනයක් ලබා ගැනීම සඳහා කිං මෙහිදී සමත් විය.1989 ඔහු ජාතික ගුවන්විදුලි ශාලාවට ඇතුළත් කර ඇත. විකාශන මාධ්‍යයට මෙන්ම කිං, ලිවීමටද දස්කමක් දක්වා ඇති අයෙකි. 2001 දක්වා USA TODAY හි තීරු ලිපියක් ද ලියා ඇත.

වසර 25 ක් පමණ වෘත්තීය දිවිය ගෙවූ කිං 2010 දී LARRY KING LIVE වෙතින් ඉවත් විය.නමුත් ලේඛකයකු සහ රූපවාහිනී පෞරුෂයක් ලෙස ක්‍රියාකාරීව සිටි ලැරී කිං 2021 වසරේ හුස්ම ගැනීමේ සංකූලතා වර්ධනය වීමෙන් පසු රෝහල් ගත කරන ලද අතර 2021 ජනවාරි මස 23 වන දින සෙප්සිස් නම් රෝගයෙන් පීඩා විඳ මිය ගියේ ය.
ලැරී කිං සතුව තිබුණේ ඔහුටම ආවේණික වූ සන්නිවේදන ශෛලියකි. ඔහු එමඟින් සිය වැඩසටහන පුරාවටම ප්‍රෙක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වී ඇත.කිසිඳු දිනෙක පෙර සූදානමක් නොමැතිව වැඩසටහන ආරම්භ කිරීම සඳහා කවර තරාතිරමක පුද්ගලයෙකුට වුවද තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා පසුබට නොවීය. සම්මුඛ සාකච්ඡා 60,000කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇති මොහු අමරණිය මතක මාධ්‍ය ක්ෂේත්‍රයට එක් කළ දැවැන්තයකු ලෙස නම් කිරීම අගනේය.

6 comments:

Peter Jennings

මාධ්‍ය ලොව සුප්‍රසිද්ධ චරිත සොයා යන මේ ගමන අද නවතින්නේ ඇමරිකානු රූපවාහිනියේ වඩාත් හුරුපුරුදු මුහුණ අසල.ඔහු පීටර් චාර්ල්ස් ජෙනිංග්ස්. 1938 වර...